groundviews is a Sri Lankan citizen journalism initiativeregister here.login.find out more
inicio mail me! sindicaci;ón

The murder of the Brigadier’s wife and her child - A media critique in Sinhala

බ්රිගේඩියර් ගේ බිරිද ඝාතනය කිරීම හා ඇගේ දරුවා

උවිදු කුරුකුලසූරීය

ඊයෙයි අදයි සිංහල පත්තර බැලූවම පේන දෙයක් තමයි ලංකාවේ මාධ්යවේදීන්ට ළමා අයිතිවාසිකම් හා මාධ්ය භාවිතාව පිළිබද පුඵල් දැනුමක් නෑ කියන එක.

මාකොළ දී බ්රිගේඩියර්වරයෙකුගේ බිරි`ද ඝාතනය කිරීම පිළිබ`ද සිද්ධියේ මහේස්ත්රාත් වාර්තාව ලංකාදීප ,දිවයින හා ලක්බිම පුවත් පත් වල පලවී තිබුණා. ඒ හැම වාර්තාවකටම අනුව පොලීසියෙන් පවසන්නේ මෙය මිනීමැරුමක් බවයි. මීනීමැරුමට සැකපිට තවමත් රිමාන්ඞ් භාරයේ පසුවන්නේ බ්රිගේඩියර්වරයා.

පෙරේදා මහේස්ත්රාත් පරීක්ෂණයේදී ඒ අවස්ථාවේ නිවසේ සිටි බිරි`දගේ සහෝදරයාගෙනුයි, බ්රිගේඩියර්වරයාගේ 15 හැවිරිදි පුතා ගෙනුයි කට උත්තර අරන් තිබ්බා. මේ පත්තර ඔක්කොම අර කට උත්තර අකුරක් නෑර පලකරලා අර දරුවගේ නම,වයස ඔක්කොමත් එක්ක!

අද දිවයින පත්තරෙත් ඒවාගේම සිද්ධියක් වාර්තාවෙලා ‘‘ස්වාමි පුරුෂයාගේ ඝාතනයට සම්බන්ධ නඩුවට සාක්ෂි නොදෙන්නැයි දියණියට බලපෑම් කළ මව රක්ෂිතයට’’ කියලා ඒ වාර්තාවේ තියෙනවා. මේ මිනීමැරුම සිදුවෙලා තියෙන්නේ 2001දී. ඒදා ඒ දියණියගේ වයස අවුරුදු 13යි. අද 18යි. ඒ දියණියගෙත් නම ඔක්කොම දාලා.

මේවා ළමයි ගැන වාර්ථා කරන විට ළමයාගේ සුබසිද්ධිය පිළිබදව ජනමාධ්ය තැකීමක් නොකරන බවට හොදම සාක්ෂි. මම මේ වැරද්ද මාධ්යවේදීන් කිහිප දෙනෙක් එක්ක කතා කළාහම සමහරු කීවේ ප්රශ්ණයක් නෑ ළමය අපයෝනයකට ලක්වෙලා හරි ළමය වැරද්දක් හරි කරලා නැති නිසා කියලා. ඒ වගේම තවත් අය කීවා උසාවියේ කියන ඒවා ලීවාට ප්රශ්නයක් නෑ කියලා. වෙන නීති තිබ්බත් ළමයෙක් සාක්ෂි දීමක් ලියන්න බෑ කියලා ලංකාවේ නීතියේ නැති එක ඇත්ත. ඒත් ළමයාගේ සුභසිද්ධිය කියන ළමා අයිතිවාසිකම් පැත්තෙන් බරපතල වරදක් මෙතන තියෙනවා.

දියුනු මාධ්ය සම්ප්රදැයක් පවතින රටවල මාධ්ය ඇතුලෙම මෙවා තියෙනවා. උදාහරණයක් ලෙස BBC ආයතනයේ මාර්ගෝපදේශ වල තියෙන්නෙ (www.bbc.co.uk/guidelines) වැඩිහිටියෙකුගේ නීති විරෝධී හෝ සමාජ විරෝධී ක්රියාවක් සම්බන්ධයෙන් ඔවුන් සමග සම්මුඛ සාකච්ඡුාවක් පවත්වන විටදී පවා වැඩසටහන් නිෂ්පාදකයින් අපරාධකරුගේ ළමයින් සම්බන්ධ කර ගැනීම, පෙන්වීම හෝ අනන්යතාවය හෙලිකිරීම පිළිබදව වැඩසටහන් නිෂ්පාදකයින් සිතා බැලිය යුතු බවයි. එසේ පෙන්වන්නේනම් එය ළමයාගේ පොදු සුභ සිද්ධියට හේතුවන බවට සංස්කාරක මණ්ඩලයේ සාධාරණීය කරණයක් අවශ්ය බවයි.

Read the original article as a PDF here.


509 have read this this article so far. You may also find these articles interesting:
  • Send us content for publication Groundviews makes it easy for you to send content for publication and to respond to that which is posted on the site. Please make sure you’ve read the CONTENT SUBMISSION GUIDELINES before sending any text, photo, video or other content for publication. Restrictions, guidelines and best practices For text, we request that you send us documents in Word,... groundviews, May 3, 2008
  • Find the parallels - Hitler’s rise in Germany and lessons for Sri Lanka My first article to Groundviews is on the rise of Hitler in Germany. The article is in Sinhala. All I ask the reader to do at the end of the article is to transpose Sri Lanka’s own political developments and context today, to that which I point to as the rise of totalitarianism and fascism in... groundviews, March 6, 2007

| Share this article on Facebook

Leave a Comment

This is a moderated forum. Comments are the sole responsibility of the person posting them. You agree not to post comments that are off topic, defamatory, obscene, abusive, threatening or an invasion of privacy.

Please read our full submission guidelines before you comment.

Comments that do not adhere to these guidelines will be edited or deleted and those who repeatedly abuse this forum will be banned. Thanks in advance for your civil and constructive engagement.

Spam protection by WP Captcha-Free