The forgotten: Sriyanie’s story from Welikanda
ගරු ජනාධිපතිතුමනි. අධ්‍යාපන ඇමතිතුමනි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමනි විශ්ව විද්‍යාලයට යෑමට සියලූ සුදුසුකම් තිබු මේ දැරීයට එය අහිමි වුයේ පදිංචි දිස්ති‍්‍රක්කය වැරදීම නිසාද? එය මකා දමා හෝ නැවත අයදුම් පතක් ගෙන්වා ගෙන හෝ මේ තරුණියව විශ්ව විද්‍යාලයට ගන්න යුතුකමක් අදාල නිලධාරීන්ට නොසිතුනේ මන්ද? මෙවන් දුප්පත් දරුවන්ට මේ රටේ ඇති එකම අවස්ථාව ඉගෙන ගැනීම නොවන්නේ ද? ගුරුවරු රැුකියාවට නොයන ඇගේ ප‍්‍රදේශයේ දරුවන්ට ඉගෙන්වීමට ඇයට හෝ අවස්ථාව නොදෙන්නේ වැලිකන්දේ ඊළඟ පරම්පරාවන් නුගත් කමේ ගිල්ලවත්නට ද? නො එසේනම් ඔවුන් අධ්‍යාපනය ලබා ලෝකය පිළිබඳව අවබෝධ වූ විට මේ රටේ බලධාරීන් ලෙස ඔබලා ඔවුන්ට කළ අසාධාරණය ඔවුන් තේරුම් ගත්හ නිසාද? මේ අහිංසක දැරිය වෙනුවට කාගේ හෝ හෙංචයියෙකුගේ නුසුදුසු කෙනෙකු අද විශ්ව විද්‍යාලය තුළ ඉගෙන ගන්නා බවද අපි දනිමු ඇයට ඔබලා සාධාරණය ඉටු කරන තෙක් …












